“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව දිවයින පුරා සක්‍රීය ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක පාසල් ක්‍රීඩාංගණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ නව ක්‍රීඩාපිටි ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ඊයේ (10) දින සිදුකෙරිණි.
එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරන ලද්දේ රට ගොඩනැගෙමින් පවතින අවස්ථාවක අපරාධකරුවන් හට එය බාධාවක් වී ඇති බවය.
එසේම අධිකරණ පද්ධතියේ පවතින නඩු ගොඩගැසීම හේතුවෙන් අපරාධ නඩු සඳහා තීන්දු ලැබීමට දීර්ඝ කාලයක් ගතවන බවද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන් ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ වැනි බරපතළ නඩු වසර ගණනාවක් ඇදී යාමෙන් යුක්තිය ඉටුවීම ප්‍රමාද වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සමන්ත විද්‍යාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ එබැවින් අධිකරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට රජය තීරණය කර ඇති බවත්, ඒ යටතේ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාව සාධාරණ සහ යුක්ති සහගත බවත්ය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





