මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ ප්‍රකාශ කරන ලදී.
මාධ්‍යට අදහස් දක්වමින් ඔහු සඳහන් කරන ලද්දේ වයස අවුරුදු 14, 15, 20 සහ 25 වැනි තරුණ ජීවිත මත්ද්‍රව්‍යවලට ගොදුරු වී විනාශ වන තත්ත්වය සමාජය තුළ දැකිය හැකි බවය.
රජය පසුගිය වසර දෙක තුළ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් හෙරොයින් සහ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවද, පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සහ අපරාධකරුවන් උපයාගත් දේපළ පවරා ගැනීම සඳහාද පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය තවදුරටත් සමාජය තුළ බහුලව පැවතීම ගැටලුවක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.
මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් යෝජනා ඉදිරිපත්ව ඇති අතර, ඒ පිළිබඳ අවසන් තීරණය සාකච්ඡාවලින් අනතුරුව ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





