අද (17) දින පාර්ලිමේන්තු සැසි වාරයේදී මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල සඳහන් කරන ලද්දේ පසුගිය දින සිදු වූ නීතීඥ බුද්ධික මල්ලවආරච්චිගේ ඝාතනය පිළිබදවයි.
මෙහිදී අදාල වෙඩි තැබීම සිදු වූ ප්රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බව අවධාරණය කළ එතුමා මෙහිදී කිසිසේත්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවද සනාථ කරන ලදී.
එසේම මෙරට නීතීඥ ප්රජාවේත් සියලු ජනතාවගෙත් ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීම බවත් ඒ වෙනුවෙන් රජය බැඳී සිටින බවත් සඳහන් කළ එතුමා මෙමගින් සමස්ත නීතිඥ ප්රජාවේ ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොමැති බවද වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
සම්පුර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>





