ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ පැවැත්වෙන කෘතිම බුද්ධිය පිළිබඳ AI Impact ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා අද (17) පස්වරුවේ මෙරටින් පිටව ගොස් තිබේ.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලබන 19 වැනිදා සමුළුව ඇමතීමට නියමිතය.