ශ්‍රී ලංකාවේ සිදු වන ඇතැම් මාර්ග අනතුරු පිළිබඳ සිදු කරන ලද විමර්ශනවලදී, ඊට සම්බන්ධ රියදුරන්ගෙන් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකය මගින් අදාළ රියදුරන් සහ රිය සහායකයන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින අතර එම පරික්ෂණ කටයුතු වඩාත් විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන ලදී.
එම ඉල්ලීමට අනුව, ජංගම පරික්ෂණ කටයුතු සඳහා යොදාගන්නා ලද බස් රථයක් ප්‍රවාහන අමාත්‍යාංශය වෙත භාරදීමට පියවර ගත් අතර මෙම බස් රථය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතද පරිත්‍යාගයක් ලෙස ලැබී ඇත.
එමෙන්ම මෙලෙස පරික්ෂණ පැවැත්වීමේ පහසුකම් වැඩිදියුණු කිරීම තුළින්, පරික්ෂණවලින් අනතුරුව සිදු කරනු ලබන ඉදිරි නීතිමය කටයුතු වඩාත් විධිමත් හා කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවට ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





