සෞඛ්යය හා ආරක්ෂාව පිළිබඳව ජනතාව දැනුවත් වීම පමණක් ප්රමාණවත් නොවන බවත්, එම දැනුම දෛනික ජීවිතයේ ක්රියාවට නැංවීම වැදගත් බවත් නියෝජ්ය අමාත්ය අනිල් ජයන්ත පැවසීය.
සෞඛ්යය හා සුරක්ෂිතතාව පිළිබඳව සමාජය තුළ අවබෝධයක් පැවතියද, බොහෝ අවස්ථාවලදී එම අවබෝධයට අනුකූලව ක්රියා නොකරන බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
අමාත්යවරයා සඳහන් කරන ලද්දේ, සෞඛ්ය සම්පන්න පරිසරයක් සේවා ස්ථානයට පමණක් සීමා නොවිය යුතු බවත්, ආහාර පරිභෝජනය ඇතුළු දෛනික පුරුදු ද සෞඛ්ය සම්පන්න ජීවිතයක් සඳහා වැදගත් වන බවත්ය.
විශ්වවිද්යාල අධ්යාපනය ලබන සමයේ තමන් මුහුණ දුන් සිදුවීමක් උදාහරණයට ගනිමින් ඔහු පැවසුවේ, බේකරියක සේවකයකු ආහාර ඇසුරුම විවෘත කිරීම සඳහා කඩදාසි බෑගයකට කටින් පිම්බූ අවස්ථාවක එහි සෞඛ්යාරක්ෂිතභාවය පිළිබඳව ප්රශ්න කළ බවය. එහෙත් එවැනි ක්රියාවක් පිළිබඳව සමාජයේ සාමාන්ය අවබෝධයක් නොතිබීමෙන්, සෞඛ්යාරක්ෂිත පුරුදු ජන ජීවිතයට හුරු කිරීමේ අවශ්යතාව පැහැදිලි වන බව ඔහු පෙන්වා දුන්නේය.
සෞඛ්යය හා ආරක්ෂාව පිළිබඳ නිසි පුරුදු සමාජගත කිරීමට නම්, ඒවා දැනුමට පමණක් සීමා නොකර දෛනික භාවිතයට එක්කරගත යුතු බව නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





