වැඩබිම්වල සිදුවන මාරාන්තික මෙන්ම මාරාන්තික නොවන අනතුරු ද ශුන්ය මට්ටමට ගෙන ඒම රටේ ඉලක්කය විය යුතු බව නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
කම්කරු ජනතාවගේ සෞඛ්යය හා සුරක්ෂිතතාව සම්බන්ධයෙන් පැවැති වැඩසටහනක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෑත කාලයේදී වැඩබිම්වල සිදුවූ ගිනිගැනීම් ඇතුළු විවිධ අනතුරු හේතුවෙන් ජීවිත ගණනාවක් අහිමි වී ඇති බව පෙන්වා දුන් නියෝජ්ය අමාත්යවරයා, වැඩබිම්වල පවතින අනාරක්ෂිත තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
ජාත්යන්තර කම්කරු සංවිධානයේ වාර්තා උපුටා දක්වමින් ඔහු සඳහන් කරන ලද්දේ, ලොව පුරා වාර්ෂිකව විශාල පිරිසක් වැඩබිම් ආශ්රිත අනතුරු හේතුවෙන් ජීවිත අහිමිවීම්වලට හෝ තුවාලවලට මුහුණ දෙන බවය.
මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා සියලු පාර්ශ්ව කැපවීමෙන් කටයුතු කළ යුතු බවත්, වැඩබිම් සුරක්ෂිතතාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නේ නම් අනතුරු අවම කිරීමේ ඉලක්කය ළඟා කරගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





