ජනාධිපතිවරයාට ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ලබාදී ඇති සමාව දීමේ බලය තමන්ට අවශ්ය පරිදි හෝ බාහිර බලපෑම් මත භාවිත කළ නොහැකි බව නීතිඥ අනුරාධ කිරිඇල්ල පැවසීය.
ජනාධිපති සමාව ලබාදීමේ බලය ව්යවස්ථාවට ඇතුළත් කර ඇත්තේ සුවිශේෂී අවස්ථාවලදී පුද්ගලයන්ට සහනයක් ලබාදීම සඳහා මිස, තමන්ට පක්ෂපාතී පුද්ගලයන්ට හෝ ජනතා බලපෑම් මත ඕනෑම වරදකට සමාව ලබාදීමට නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, ශ්රී ලංකාවේ ජනාධිපති සමාව ලබාදුන් අවස්ථා තුනකදී ශ්රේෂ්ඨාධිකරණය එම තීරණ අවලංගු කර ඇති බව සඳහන් කළ ඔහු, එම සිදුවීම් මඟින් සමාව දීමේ බලය භාවිත කිරීමේදී ව්යවස්ථානුකූල ක්රියාපටිපාටිය අනුගමනය කිරීමේ වැදගත්කම පැහැදිලි වන බව ප්රකාශ කළේය.
ජනාධිපති සමාව ලබාදීම විධිමත් ක්රමවේදයකට සහ ව්යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව සිදුවිය යුතු බවත්, එම බලය ජනාධිපතිවරයාට අභිමතය පරිදි භාවිත කළ නොහැකි බවත් නීතිඥ අනුරාධ කිරිඇල්ල වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





