සමීප සහ විශ්වාසවන්ත හවුල්කරුවන් ලෙස, පොදු අභියෝග ජය ගැනීම සඳහා සමීපව කටයුතු කරන බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති දුරකථන සංවාදයකදී ඉන්දීය අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව, සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන ලදී.
ඒ අනුව වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය සහ ගෝලීය බලශක්ති සුරක්ෂිතතාවට එල්ල වී ඇති බාධා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ බවත්, ඉන්දු – ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රධාන වැඩපිළිවෙළවල ප්‍රගතිය පිළිබඳව ද සමාලෝචනය කළ බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
අදාළ X පණිවිඩය පහතින්.






