වැලි මාෆියාව නතර කිරීමට ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම්. – සුනිල් හඳුන්නෙත්ති – 07.07.2026

අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, රට තුළ ක්‍රියාත්මක වන නීතිවිරෝධී වැලි ජාවාරම පාලනය කිරීම සඳහා වැලි කළමනාකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමට රජය සැලසුම් කර ඇති බව පැවසීය. ඔහු සඳහන් කළේ, නිලධාරීන් මාරු කිරීමෙන් පමණක් ගැටලුව විසඳිය නොහැකි බවත්, පසුගිය කාලයේ ඇතැම් නිලධාරීන් සහ පද්ධතිමය දුර්වලතා හේතුවෙන් වැලි...