‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, ශ්‍රී ලංකා පොලිසිය විසින් ඊයේ (14) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 846 ක් සිදු කරන ලදී.

එම වැටලීම්වලදී සැකකරුවන් 833 ක් අත්අඩංගුවටද, 12 දෙනෙක් පුනරුත්ථාපනයටද යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කරයි.

මෙහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 252 කින් හෙරොයින් කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 895 ක් සොයාගෙන ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 292 ක් අතරින් අයිස් කිලෝග්‍රෑම් 08 යි ග්‍රෑම් 060 ක් සොයාගෙන ඇත.

මීට අමතරව, වැටලීම් 230 කින් ගංජා ග්‍රෑම් 119 ක් හා ගංජා පැළ 35,846 ක්ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.