55 වැනි අප්‍රේල් විරු සමරුවට සහභාගී වූ අවස්ථාවේදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, අවධාරණය කරන ලද්දේ විපක්ෂයේ භීතිය සහ ජනතා විමුක්ති පෙරමුණේ අභියෝග ජයගැනීම පිළිබඳවයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, අද විපක්ෂයේ ප්‍රධාන බය දෙකක් පවතින බවත් ඒ ඔවුන් විසින් රටට සිදුකළ අපරාධ සහ ජනතාවගේ වස්තු කොල්ලකෑම පිළිබඳවත් ජාතික ජනබලවේගය නායකත්වය දරන ආණ්ඩුව අනිවාර්යයෙන්ම රට ගොඩනගන බව විරුද්ධවාදීන් හොඳින් දැන සිටීම බවත්ය.
ඉතිහාසයේ 1971 පරම්පරාවෙන් ආ ශක්තිය, රෝහණ විජයවීර සහ ගමනායක සහෝදරයන්ගේ ධෛර්යය, අදත් ජනතා විමුක්ති පෙරමුණේ මග පෙන්වීමේ බලය බවත්, එය සතුරන්ටද හොඳින් අවබෝධ වී ඇති බවත් ඔහු පැවසීය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





