රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ. – 14.01.2026

ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් ඊයේ (13) මුදල් අමාත්‍යාංශයේදී, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉදිරියේදී අත්සන් කෙරිණි. ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ මෙහෙයුම් කමිටුව විසින්, ආනයනකරුවන් භාණ්ඩ ප්‍රකාශ කිරීමේදී සිදුකරන අඩු තක්සේරු කිරීම් (Under Valuation) හේතුවෙන්...