2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වීමට නියමිතයි.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසා සිටියා.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය, නොවැම්බර් මස 15 සිට දින 17 ක් පැවැත්වීමෙන් පසුව, අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 05 වන දින පස්වරු 6.00 ට සිදු කිරීමට නියමිතයි.
අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ.






