පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැංවීම සඳහා රජය විසින් ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ අරමුදලේ වත්මන් තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.
අරමුදල සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාර ආයතන සහ පුරවැසියන් විසින් මේ වන විට පරිත්‍යාග කර ඇති මුදල රුපියල් බිලියන 8.5 සීමාවද ඉක්මවා ගොස් ඇති බවත් ලැබුණු විදෙස් මුදල් ප්‍රමාණයද මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 9.49ක සීමාවද ඉක්මවා ගොස් ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
මුදල් ආධාර ලැබුණු රටවල් අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉහළ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති අතර එය රුපියල් බිලියනය ඉක්මවා ගොස් ඇති බවත් මීට අමතරව ඔස්ට්‍රේලියාව, චීනය, එංගලන්තය, ජර්මනිය, කැනඩාව, ඇතුළුව සමස්තව විදෙස් රටවල් 47කින් ලබා දී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මුදලින් ලැබෙන ආධාරයන්ට අමතරව ශ්‍රී ලංකා රේගුව වෙත විශාල භාණ්ඩ ප්‍රමාණයක් ලැබී ඇතැයිද පෙන්වා දුන් ඒ මහතා මේ දක්වා රේගුව වෙත ලැබී ඇති භාණ්ඩවල සමස්ත වටිනාකමද රුපියල් බිලියන 2.3 සීමාව ඉක්මවා ගොස් ඇතැයිද සඳහන් කළේය.





