වසර දහයකට අධික කාලයක් භාවිතයෙන් ඉවත්කර තිබූ මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ශල්‍යාගාර සංකීර්ණය ප්‍රතිසංස්කරණය කොට නව උපකරණ සමග ආරම්භ කිරීම අද (14) දින සිදු කෙරුණේ අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙනි.
මෙම ශල්‍යාගාර සංකීර්ණය ජලය කාන්දුවීම හා විවිධ තාක්ෂණික ගැටලු හේතුවෙන් 2015 වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ අතර අධික මුදලක් ඇස්තමේන්තුගත කිරීම හා විවිධ හේතූන් නිසා මෙහි ප්රතිසංස්කරණද ප්‍රමාද වී ඇත.
මෙරට රෝහල් පද්ධතියේ භෞතික සම්පත් සංවර්ධනයට ගෙනයන වැඩපිළිවෙළ යටතේ රජයේ අරමුදල් හරහා වෙන් කරන ලද රුපියල් මිලියන 70 ක මූල්‍ය පිරිවැයක් යටතේ මෙම ශල්‍යාගාර සංකීර්ණය නවීකරණය කර ඇත.
එසේම ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු රුපියල් මිලියන 30 ක පමණ මුදලක් ද මෙම නවීකරණය කරන ලද ශල්‍යාගාර සංකීර්ණයට අවශ්‍ය උපකරණ ලබා ගැනීම සදහා වැය කර ඇත.
ශල්‍යාගාර සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව රෝහලේ විශේෂ නිරීක්ෂණයකද නිරත වූ අමාත්‍ය නලින්ද ජයතිලක රෝහලේ පවතින කාලීන ගැටලු පිළිබදව කරුණු සාකච්ඡා කොට විසදුම් ලබා දීමටද පියවර ගන්නා ලදී.




