අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
අවුරුදු දහතුනක ළමයෙක් මේ විදියට තමාගේ ජීවිතය අවසන් කිරීමට තීරණයක් ගන්න සිද්ධ වුණා කියන්නේ සමාජයක් හැටියට අපි ෆේල්. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම ඒකට වගකිවයුතු සහ අනිවාර්යයෙන්ම මෙවැනි සිද්ධීන් කිසිසේත්ම නැවත සිදු නොවිය යුතුයි කියන එක ගැන ගරු විපක්ෂ නායකතුමා කියපු විදිහට අපි එකඟයි. ඒ නිසා තමයි මේ අවස්ථාවේදී පළවෙනි සිද්ධිය වෙච්ච අවස්ථාවේදී මේ පිළිබඳ වාර්තාකරණය හරියට සිදුවෙලා නෑ. ඒක ඉතාමත්ම පැහැදිලියි. ඒ නිසා තමයි අද උදේ ගරු සරෝජා පෝල් රාජ් ඇමතිතුමියත් සමඟ සාකච්ඡා කල්ලා මේකට ක්‍රමවේදයක් යෝජනා කරන්න කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ පොලීසිය එකතු කරගෙන යාන්ත්‍රණයක් මේ සඳහා ඇති කරන්න අපි කතා කරමින් යන්නේ. මෙහෙම සිද්ධියක් කොතනක හරි මතුවුණු විගසම මේ ආයතන හතරම වහාම දැනුවත් විය යුතුයි.
පාර්ලිමේන්තු සැසිවාරයේ දී මියගිය දැරියගැන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>