ඓතිහාසික රයිගම් කෝරළයේ හොරණ රජමහා විහාරස්ථානයේ 2026 නවම් මහා පෙරහැර මංගල්‍යය වීථි සංචාරය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පසුගිය (14) දින රාත්‍රියේ සිදු කෙරිණි.

මෙම උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කරන ලද්දේ මෙය හුදෙක් සංස්කෘතික ප්‍රදර්ශනයක් පමණක් නොව බුදු දහමට ගෞරව කිරීමත් දෙවියන්ගේ ආශිර්වාදය රටට හා ජනතාවට ලබා ගැනීමත් මෙහි ප්‍රධාන අරමුණ වගයි.

එමෙන්ම හොරණ විද්‍යාතන පිරිවෙන වැනි ස්ථාන හරහා අපේ රටට ලැබෙන ගිහි පැවිදි උතුමන්ගේ දැනුම ලෝකයටම පෙන්වීමටත් මෙය අවස්ථාවක් වන බව එතුමිය වැඩි දුරටත් සඳහන් කරන ලදී.

සම්පූර්ණ අවස්ථාව අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>