වාර අවසාන පාසල් විභාග කාලසටහනේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බැවින්, 2026 නොවැම්බර් 30 වැනිදා සියලුම පාසල් සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇත.

විභාග අවලංගු කර ඇති බවට පළ වන ප්‍රචාර ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍යවරිය, දරුවන් සුපුරුදු පරිදි පාසල් එවන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියාය. දරුවන්ගේ අධ්‍යාපනයට බාධා වන අයුරින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වීම සාධාරණදැයි හෘද සාක්ෂියට අවංකව සිතා බලන ලෙසද ඇය ගුරුවරුන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කළාය.

2026 නොවැම්බර් 29 වැනිදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති “දිට්වා” සුළි කුණාටුවෙන් ආපදාවට පත් මධ්‍යම පළාතේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

මේ අතර 2027 ජනවාරි අග වන විට තවත් වැටුප් වැඩිවීමක් ලබා දීමට නියමිත බවද ඇය පැවසුවාය. “දිට්වා” ව්‍යසනයෙන් වසරක් තුළ විදේශ ණය හෝ වංචා දූෂණවලින් තොරව යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට රාජ්‍ය සේවය දැක්වූ කැපවීම අගය කළ අග්‍රාමාත්‍යවරිය, ඉතිරි නිවාස ව්‍යාපෘති 2027 අවසන් වන විට සම්පූර්ණ කිරීමට හැකි බවද සඳහන් කළාය.