පොලිස් විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කඳවුරට අනියුක්තව රාජකාරි කළ 45 හැවිරිදි සැරයන්වරයකු සහ තවත් සිවිල් පුද්ගලයකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ මෙම මෙහෙයුමේදී පළමුව දර්ගා නගරය හතර කණුව ප්‍රදේශයේදී සිවිල් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව සඳහන් වේ.

පළමුව අත්අඩංගුවට ගත් සිවිල් පුද්ගලයාගෙන් ලැබුණු තොරතුරු මත පසුව මීගම පහේ කණුව ප්‍රදේශයේදී සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 4කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව වාර්තා වේ.

තමන්ට මත්ද්‍රව්‍ය ලබා දුන්නේ සැකකාර සැරයන්වරයා බව අදාළ සිවිල් පුද්ගලයා ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.