”ජාතිවාදයෙන් බැට කාපු ප්‍රධාන කොටසක් වන ගැහැණු අපි. මේ රටේ අසම ගිය නිසා හොඳටම දුක් විඳපු බැටපු ගැහැණු අපි. මම අහන්න කැමතියි අපේ සහෝදරියන්ගෙන් අපි ආයෙත් එහෙම ජාතිවාදීව අපිව බෙදලා අසමගිය ඇති කරන්න ඉඩ දෙනවද නැද්ද? ”
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමස්ත කාන්තා ප්‍රජාවගෙන් මෙසේ විමසන ලද්දේ මන්නාරම, අඩම්බන් ප්‍රදේශයේ පෙබරවාරි 15 වැනිදා පැවති මන්නාරම් දිස්ත්‍රික් කාන්තා හමුව අමතමිනි.
මෙහිදී එතුමිය පවසන ලද්දේ ජාතිවාදය ඇවිස්සීම බලය ලබා ගැනීමට ඇති එකම මාවත කරගත් දේශපාලන බලවේග තවමත් ඇති බවත් ඔවුන්ගේ එම බලයේ අවශ්‍යතාවය මිනිස්සුන් වෙනුවෙන් වැඩ කිරීම නොව තමන්ගේ ජීවිත පොහොසත් කර ගැනීම වගත්ය.
එසේම මෙම ජාතිවාදයේ බලපෑම ඇති වූ ප්‍රධාන කොටසක් වන කාන්තාවන් හට ඊට එරෙහිව එක් වී නැගී සිටින ලෙසද අගමැතිනිය වැඩිදුරටත් පවසන ලදී.
අගමැතිනියගේ එම ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>







