මාධ්‍යවේදියෙකු විසින් පසුගිය දින නීතිඥවරයෙකුට වෙඩි තැබීමේ සිද්ධි‍ය සඳහන් කරමින් මෙරට පාතාලයේ බලපෑම පිළිබඳව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් විමසීමන ලදී.

මෙහිදී පාතාලය විසින් සිදුකරනු ලබන මෙවැනි හදිසි ප්‍රහාරයන් නගර පුරා හමුදා බටයින් යෙදවූවත් ලෙහෙසියෙන් නැවැත්විය හැකි දෑ නොවන වගත් මේ පිළිබදව ඉදිරියේදී රජයට සහ අදාළ බලධාරීන්ට යම්කිසි පියවරක් ගැනීමට සිදුවන වගත් එතුමා ප්‍රකාශ කරන ලදී.

නමුත් මෙහිදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවද පැවසූ එතුමා වැඩිදුරටත් පවසන ලද්දේ පාතාලය පෝෂණය කරන ලද්දේ බලයෙහි හිටපු දේශපාලඥයන් බවයි.

එනමුත් වර්තමාන රජයට කිසි දිනක එසේ පාතාලය සමග ගනුදෙනු තිබූ වග තමන් නොසිතන බවත් එතුමා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

එම ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>