ගංවතුර හේතුවෙන් ගමනාගමනය නවතා තිබුණු සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 08 කට පසුව යළි ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

පසුගිය දිනවලදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම මාර්ගය ජලයෙන් යට වී තිබුණු අතර, ඒ හේතුවෙන් රථවාහන ධාවනය අත්හිටුවීමට පොලීසිය විසින් පියවර ගෙන තිබුණා.

ජලය බැස යාමත් සමග, ඊයේ පස්වරුවේ සිට සෝමාවතිය පුදබිමට යන මාර්ගය මෙසේ විවෘත කර ඇත.