විවාහ මංගල්‍ය ඇතුළු අවස්ථාවල ගීත ගායනා කිරීම සඳහා ගාස්තු ගෙවිය යුතු බවට පළවන ප්‍රකාශ සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
ඔහු සඳහන් කරන ලද්දේ, ගීත රචකයන් සහ සංගීතඥයන් ඇතුළු බුද්ධිමය දේපළ හිමිකරුවන්ට තම නිර්මාණ භාවිතය වෙනුවෙන් නීත්‍යානුකූලව ගාස්තු අය කර ගැනීමේ අයිතිය පවතින බවය.
කෙසේ වෙතත්, එම අයිතිය පදනම් කරගෙන විවාහ මංගල්‍යයක්, වෙළෙඳසැලක් හෝ වෙනත් සාමාන්‍ය අවස්ථාවක ගීතයක් භාවිත කළ පමණින් ගාස්තු අය කිරීමට කිසිදු නීතියක් නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.
අදාළ ගීත බුද්ධිමය දේපළ හිමිකරුවන්ගේ අවසරයකින් තොරව වාණිජ කටයුතු සඳහා භාවිත කිරීමේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම ගීත භාවිතය වෙනුවෙන් විවිධ අවස්ථාවල ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බවත්, ඒ පිළිබඳ පැමිණිල්ලක් ලැබීමෙන් පසු බුද්ධිමය දේපළ කාර්යංශය මැදිහත් වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




