සුනාමි ව්‍යසනය සිදු වී අද දිනයට වසර 21 ක් සම්පූර්ණ වේ.

2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදු වූ ප්‍රබල භූ කම්පනයත් සමඟ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දරුණු සුනාමි තත්ත්වයක් හටගෙන තිබුණා.

ඉන් මෙරට පුද්ගලයින් 35,000 කට අධික පිරිසක් මිය ගොස් තවත් 5,000 ක පමණ පිරිසක් අතුරුදන් වූ අතර, දේපළ රැසක් ද විනාශ වී පත්වුණා.

ආපදා තත්ත්වයන්ගෙන් මිය ගිය පිරිස් සිහිපත් කරමින් අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.