හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (07) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කිරුළපන පිහිටි ඇයගේ නිවසේදී පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.
රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන එය සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් දූෂණ හා පොදු දේපළ පනත යටතේ වන වැරදි සිදුකළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කර ඇත.
අදාළ විමර්ශනය ‘සිරිලිය සවිය’ සංවිධානයට සම්බන්ධ ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක කොටසක් බවද වාර්තා වේ.
පසුව ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.



