ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා සමඟ ඇති කරගත් ප්‍රශ්නකින් පසුව වැඩ තහනමකට ලක්වූ සූරියකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයා අද (26) තමාට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන්නැයි ඉල්ලමින් මානව හිමිකම් කොමිසමට පැමිණ පැමිණිල්ලක් සිදු කර ඇත.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාගේ මාමණ්ඩියට අයත් බවට ප්‍රචාර පැතිර ගිය ඉඩමක පොලිසිය පසුගියදා සිදුකළ වැටලීමකදී ගංජා පැළ දෙකක් තිබී හමුවී තිබු අතර පසුව ඊට සම්බන්ධ වූ , සූරියකන්ද පොලිසියේ කොස්තාපල්වරයකු අදාළ මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බව පවසමින් දෙසැම්බර් 20වැනිදා රෝහල් ගත කර තිබෙනවා.

කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධව විමර්ශන කළ පොලිසිය මන්ත්‍රීවරයාට සාපරාධි බියගැන්වීම ඇතුළු චෝදනා තුනක් සම්බන්ධයෙන් එම කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගත් අතර අධිකරණයෙන් ඔහුව ඇප මත මුදාහැර ඇත.

ඉන් පසුව එම විමර්ශනයට අදාළව කොස්තාපල්වරයාගේ වැඩ තහනම්ද කර තිබේ.

මෙවන් පසුබිමක එම පොලිස් නිලධාරියා අද මානව හිමිකම් කොමිසමට පැමිණ පැමිණිල්ලක් සිදු කර ඇත.