ඊයේ (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලාම් (To Lam) මහතා අතර පැවැති උත්සවමය හමුවේදී, දෙරට අතර සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අවබෝධතා ගිවිසුම් පහක් හුවමාරු කර ගන්නා ලදී.
මෙම අවස්ථාවට එක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සහ වියට්නාම් අතර දැනට පවතින රාජතාන්ත්‍රික සබඳතා විස්තීර්ණ සහ අහුල්කාරීත්වයක් දක්වා ඉහළ නැංවීමට දෙරටම එකඟ වී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ආර්ථික, නිෂ්පාදන, අපනයන සහ වටිනාකම් දාමයන් තුළ එක්වීම් පිළිබඳව වියට්නාම් ලබාගත් ජයග්‍රාහණයන්ට ශ්‍රී ලංකාව අගය කරන බවත්, මෑත අභියෝග අතරින් ශ්‍රී ලංකාව ලබාගත් ආර්ථික ප්‍රගතිය පිළිබඳවද විශේෂ අවධානය යොමු කරන බවත්ය.
2030 වන විට දෙරට අතර වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන එක දක්වා වැඩි කිරීමේ ඉලක්කය සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමින්,
ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය සහ උපාය මාර්ගයන් පිළිබඳව විශ්වාසය දැක්වූ වියට්නාම් ජනාධිපතිතුමාට, මෙම සංචාරයට එක්වූ ව්‍යාපාරික දූත පිරිස පිළිබඳව ජනාධිපති දිසානායක මහතා තම කෘතඥතාවය පළ කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





