හම්බන්තොට කුරුළු උයනේ තිබී අධි ධාරිතා යතුරුපැදි 21ක් සමග එහි හිමිකරු හා තවත් සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව ඔවුන් ඇප මත මුදා හැර ඊට අදාල නඩුව පවත්වාගෙන යනු ලැබීය.

ඒ අනුව ඊට අදාල නඩුව 06 වන දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැද වු අවස්ථාවේදී සැකකරුවන් නිදොස්කොට නිදහස් කල බවට මාධ්‍ය මගින් වාර්තා කෙරුණි.අදාල නඩුකරය අවසානයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වරයාද සැකකරුවන් නිදහස් කල බව පැවසිය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් කරුණු පැහැදිළි කිරිමක් සිදුකර තිබේ.

එමගින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පෙන්වා දි ඇත්තේ අදාල සැකකරුවන් කිසිවිටකත් අදාල නඩුවෙන් නිදොස්කොට නිදහස් නොකල බවත්,සැකකරුවන්ට එරෙහිව රේගු ආඥා පනතේ ප්‍රතිපාදන යටතේ නඩු පවරා ඉදිරි විමර්ෂණ පවත්වාගෙන යාමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇති බවය.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය එලෙස පරස්පර ප්‍රකාශයන් සිදුකලද අදාල නඩුකරය සම්බන්ධයෙන් පළවූ මාධ්‍යවාර්තා සත්‍ය බව ගරු අධිකරණය අදාල නඩුව සම්බන්ධයෙන් ලබාදුන් පහත ලියැවිලි විමසා බැලීමේදී තහවුරු වේ.

රටට ආදායම් ගෙවන ව්‍යවසායකයින් සම්බන්ධයෙන් මේ ආකාරයට පොලීසිය කටයුතු කිරීම ගරු අධිකරණයට සිදුකරනු ලබන අපහාසයක් බවටයි නීතිවේදීන් පෙන්වා දෙයි.