විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයට අයත් ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානයේ ප්‍රවිකිරණ ධාරිතාව පුළුල් කිරීමට අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පසුගිය දින බියගම අපනයන සැකසුම් කලාපයේ ස්ථාපිත කර ඇති, එම මධ්‍යස්ථානයේ චාරිකාවකට එක් විය.
මෙම චාරිකාවේ දී අමාත්‍යවරයා ඇතුළු පිරිස ගැමා මධ්‍යස්ථානයේ වත්මන් තත්වය සහ දැනට ක්‍රියාත්මක කරන, ගැමා ප්‍රවිකිරණ සේවාවන් දීර්ඝව නිරීක්ෂණය කරමින් නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක නිරත විය.
බහුකාර්ය ප්‍රවිකිරණ මධ්‍යස්ථානයක් ලෙස මේ වන විට කොබොල්ට් 60 සමස්ථානිකය භාවිතයෙන් නවීන උපකරණ හා ක්‍රම වේදයන් යොදා ගනිමින්, වෛද්‍ය, ඖෂධ, ආහාර හා කෘෂිකාර්මික ක්‍ෂේත්‍ර වලට තත්ත්වයෙන් උසස්, ලාභදායී ප්‍රවිකිරණ සේවාවන් මෙම මධ්‍යස්ථානයෙන් ලබා දෙනු ලබයි.
ඉදිරියේ දී රටටත් ආයතනයටත් ඉහල ආර්ථික ප්‍රතිලාභ හිමිවන පරිදි, දේශීය සහ විදේශීය පාරිභෝගිකයන්ගේ වර්තමාන හා අනාගත අවශ්‍යතාවයන් තෘප්තිමත් කළ හැකි ලෙස ආයතනයේ ධාරිතාව පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳව අමාත්‍යවරයා විසින් මෙහි දී අවධාරණය කරණ ලදි.







