ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැල කෙරෙන සංදේශය භාරදීමේ අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශයක් සිදු කළේය.
වර්තමානයේ සමාජයේ පවතින විවිධ අභියෝග හමුවේ රටේ සමාජ පදනම හා යහ පැවැත්ම ආරක්ෂා කරගැනීමට හැකිවේද යන්න පිළිබඳව බියක් මතුව ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.
ඔහු පැවසූයේ අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය හරහා ලෝකයට විවෘත වීමත් සමඟ මතුව ඇති අසංස්කෘතික බලපෑම් මෙන්ම මත්ද්‍රව්‍ය, අපරාධ සහ අපරාධ කල්ලි ව්‍යාප්තියද සමාජයට අභියෝගයක් වී ඇති බවය.
කෙසේ වෙතත්, ශ්‍රී දළදා පෙරහර දෙස බැලීමේදී මෙරට ඓතිහාසික හා සංස්කෘතික උරුමය රැකගෙන ඉදිරියට යාමට සූදානම් විශාල තරුණ පරපුරක් සිටින බව පැහැදිලි වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එම සංස්කෘතික උරුමයන් ඉදිරියට ගෙන යාම සඳහා රජය ප්‍රමුඛතාව ලබාදිය යුතු බවත්, රාජ්‍ය ආයතන සංස්කෘතික ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන උරුමයන් ආරක්ෂා කරමින් රාජ්‍ය අනුග්‍රහය සහිත ප්‍රබල සංස්කෘතික පිබිදීමක් රටට අවශ්‍ය බවය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





