විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂයක් ලෙස අදාළ පෙත්සමට පක්ෂව තම පෙත්සම ඉදිරිපත් කළ බව සරත් මනමේන්ද්‍ර මහතා සඳහන් කරන ලදී.
ආණ්ඩුවට පක්ෂපාතී වීමේ අරමුණකින් එම තීරණය නොගත් බවත්, ආණ්ඩුව සිදුකරන සෑම ක්‍රියාවකටම විරුද්ධ වීම හෝ සෑම ක්‍රියාවකටම සහාය දැක්වීම තම ප්‍රතිපත්තිය නොවන බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.
විනිසුරුවරුන්ගේ උසස්වීම් ප්‍රමාද වීම, ස්ථාන මාරුවීම් සහ විශ්‍රාම යෑම හේතුවෙන් අධිකරණ ක්‍රියාවලියට බලපෑම් එල්ල වන බව දීර්ඝව අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වූ බවද සරත් ඔහු සඳහන් කළේය.
ඔහු ප්‍රකාශ කරන ලද්දේ මේ වනවිට සමස්ත අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂයකට අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවත්, එම තත්ත්වය හේතුවෙන් වින්දිතයන්ට යුක්තිය ලබාදීමේ ක්‍රියාවලිය ප්‍රමාද වන බවත්ය.
වසර 20ත් 25ත් අතර කාලයක් විභාග වන නඩු පවා පවතින බවත්, ඇතැම් නඩු අවසන් වන විට පැමිණිලිකරු හෝ විත්තිකරු මියගොස් තිබිය හැකි බවත් සඳහන් කරන ලදී.
නඩු කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව වින්දිතයන්ගේ පැත්තෙන් තේරුම්ගෙන ඇති බවත්, නඩු ප්‍රමාද වීම හේතුවෙන් වින්දිතයන් දැඩි දුෂ්කරතාවලට පත්වන බවත් සරත් මනමේන්ද්‍ර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





