ඇමතිවරුන් භාවිත කළ නිල නිවාස ඇතුළු ස්ථාන කිහිපයක් මේ වන විට මහජන අවශ්‍යතා සඳහා යොදාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.
ඔහු සඳහන් කරන ලද්දේ, පසුගිය කාලයේ ඇතැම් නිල නිවාස හා වෙනත් රාජ්‍ය ස්ථාන සාමාන්‍ය ජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය නොහැකි ආකාරයෙන් භාවිත වී ඇති බවට මතයක් පැවති බවය.
වර්තමානයේ එවැනි ස්ථාන කිහිපයක් මහාධිකරණ ඇතුළු රාජ්‍ය කටයුතු සඳහා යොදාගෙන ඇති බවත්, එමඟින් වැදගත් නඩු කටයුතු සිදුකෙරෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස භාවිත කළ නිල නිවසක්ද මේ වන විට ජනතා අවශ්‍යතා ඉටු කරන මධ්‍යස්ථානයක් බවට පත්කර ඇති බවද,
මෙවැනි ස්ථාන මහජන අභිලාෂයන් ඉටු කිරීම සඳහා යොදාගැනීම වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළේ කොටසක් බවද මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ආණ්ඩුවේ වැඩපිළිවෙළට විවිධ බාධා සහ විවේචන එල්ල වුවද, ජනතා අපේක්ෂා ඉටු කිරීමේ ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





