22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවතින නීතිමය අභියෝගය පිළිබඳ අදහස් දක්වමින් ජාමුණි කාමන්ත තුෂාර මහතා සඳහන් කරන ලද්දේ, අදාළ සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ විවිධ මත පළවී ඇති බවය.

ඔහු පෙන්වා දෙන ලද්දේ, ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10කට ආසන්න මුදලක් වැය විය හැකි බවත්, රටේ වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ එවැනි වියදමක් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්ය.

එමෙන්ම, ව්‍යවස්ථානුකූලව ආණ්ඩුවට නීති සම්පාදනය හා සංශෝධනය කිරීමේ බලතල පවතින බැවින්, අදාළ සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍යද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

ජනමත විචාරණයක් නොපවත්වා අදාළ කරුණ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීමේ හැකියාව සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි බවද ජාමුණි කාමන්ත තුෂාර මහතා වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>