පෘතුගාල විදේශ අමාත්‍ය Paulo Rangel මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔහු සමඟ, පෘතුගාල විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 04 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද පැමිණි අතර, සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියට ගොස් එම පිරිස පිළිගෙන ඇත.

පෘතුගාල විදේශ අමාත්‍යවරයා අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ හමුවක් පැවැත්වූ අතර, ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්විණි.