අමාත්‍ය වසන්ත සමරසිංහ මරදගහමුල සහල් රැස් කිරීමේ මධ්‍යස්ථානයේදී ප්‍රකාශ කරන ලද්දේ ගොවියන්ගේ අස්වන්න සහතික මිලකට මිලදී ගනිමින් පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට සහල් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

එතුමා ප්‍රකාශ කරන ලද්දේ වී අලෙවි මණ්ඩලය විසින් මිලදීගත් වී ටොන් 50000ක් සහල් කර සතොස සහ සිල්ලර වෙළඳසැල් වෙත ලබා දීම ආරම්භ කර ඇති අතර, නාඩු 120, සම්බත් 130, කීරි සම්බත් 140 යන සහතික මිලකට ගොවියන්ගෙන් වී මිලදී ගන්නා බවය.

මෙම ක්‍රියාවලියෙන් දිනකට මෙට්‍රික් ටොන් 300කට වැඩි සහල් වෙළඳපොළට නිදහස් කරමින් මිල පාලනය කිරීමටත්, ගොවියන්ට සහතික මිලක් සහ පාරිභෝගිකයන්ට සහන මිලක් ලබා දීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉදිරියේදී ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සහල් මිලදී ගනිමින් මෙම වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද එතුමා වැඩිදුරටත් සදහන් කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාව හරහා නරඹන්න.>>>>>>>