නව ත්‍රස්ත විරෝධී පනත සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමේ පනත සම්බන්ධයෙන් කලබල නොවී, වත්මන් රජයේ ක්‍රියාකලාපය දෙස බලන ලෙස නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ප්‍රකාශ කරන ලදී.

මෙම පනත් සම්බන්ධයෙන් සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් විරෝධය පළ කරමින්, ඒවා රටේ නිදහස සීමා කිරීමට ගෙන එන බවට සැක පළ කරන බව ඔහු සඳහන් කළේය. එම සැක සාධාරණ බව පිළිගන්නා නියෝජ්‍ය අමාත්‍යවරයා, අදාළ පනත් තවමත් සම්මත වී නොමැති බවත් ඒ පිළිබඳ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා පැවැත්වෙන බවත් පැවසීය.

කෙසේ වෙතත්, පසුගිය වසරක කාලය තුළ උද්ඝෝෂණ මර්දනය කිරීම, විරෝධතාකරුවන් සිරගත කිරීම හෝ රාජ්‍ය මැදිහත්වීමෙන් පුද්ගලයන් ඝාතනය කිරීම වැනි සිදුවීම් වාර්තා වී නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මැඩපැවැත්වීම රජයේ අරමුණ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, නව පනත් පිළිබඳ තීරණ ගැනීමේදී රජයේ ක්‍රියාකලාපයද සලකා බලන ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>