2030 වසර වන විට වාර්ෂිකව සංචාරකයන් මිලියන 5ක් මෙරටට ආකර්ෂණය කර ගනිමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක සංචාරක ආදායමක් උපයා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක කර්මාන්තයට සම්බන්ධ සංගම්වල නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
සංචාරක ක්ෂේත්රයේ ප්රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. ත්රිකුණාමලය, මඩකලපුව, සීගිරිය සහ යාපනය වැනි ප්රදේශවල අභ්යන්තර ගුවන් ගමන් පහසුකම් වැඩිදියුණු කිරීම ද ඒ අතර විය.
මේ වසරේ ශ්රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කළ නව ජාත්යන්තර ගුවන් සේවා සමාගම් 10ක සංඛ්යාව 50 දක්වා ඉහළ නැංවීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මීට අමතරව, වන උද්යාන සංචාරක ආකර්ෂණය සඳහා යොදා ගැනීම, වන සම්පත් ආරක්ෂා කිරීම, ගෝලීය ප්රවර්ධන වැඩසටහන්වල ප්රගතිය සහ සියලුම හෝටල් හා නවාතැන් ස්ථාන සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
එසේම, නීතිවිරෝධී ලෙස මෙරට ව්යාපාර පවත්වාගෙන යන විදේශිකයන් සම්බන්ධයෙන් අවශ්ය නියාමන නීති හා රෙගුලාසි හඳුන්වාදීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.






