ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව සේවකයන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට රජය අවධානය නොදැක්වූ බව නිදහස් සේවක සංගමය පවසයි.

සංගමයේ ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත සඳහන් කළේ, සැපයුම් ගැටලු විසඳන ලෙස සාධනීය ප්‍රතිචාර නොලැබුණහොත්, මෙම ක්‍රියාමාර්ගය සැප්. 15 දා අවසන් කර, 16 සිට වැඩ වර්ජනයකට තීව්‍ර කරන බවය.