දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කියමින් ඉදිරිපත් කළ පෙත්සම් 9 ක් ශ්‍රේෂ්ඨාධිකරණය පෙබරවාරි 12 වැනිදා විභාගයට ගැනීමට නියම කර ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු විනිසුරු ත්‍රිපුද්ගල මඬුල්ලක් ඉදිරියේදීය. පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්වයන් කිහිපයක්ය.