චේනක අබේසිංහ

රජයේ පාසලක එකතු කරන්න රජයෙන් නියම කරපු මුදලක් තියෙනවා. එක තමයි පහසුකම් හා සේවා ගාස්තුව. මීට පරිබාහිරව දරුවන්ගෙන් කිසිම ආකාරයකට මුදල් එකතු කරන්න නීතිමය හැකියාවක් නැහැ.

පාසල් වල සමහර ව්‍යාපෘති සඳහා බලහත්කාරයෙන් දරුවන්ගෙන් මුදල් අය කර ගැනීම් සිද්ධ වෙනවා. මේ ආකාරයට තීන්ත ගෑමේ සිට මේ සියලු ව්‍යාපෘති දක්වා මුදල් ලබා ගැනීම් තියනවා.

මේක නියාමනය කිරීමේ වගකීම තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යවරයාට සහ අමාත්‍යංශයට. හැබැයි ඔවුන් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. අපි මේ වෙලාවේ කියනවා විදුහල්පතිවරුන්ට සහ නිලධාරීන්ට මානුෂික වෙන්න. අපේ රටේ දරුවෝ මිලියන ගාණක් මන්දපෝෂණයට ලක්වෙච්ච ආර්ථිකයක් ඇතුලේ අපි ඉන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>