වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටි රැඳවියකගේ තෙමස් වයසැති බිළිඳියක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විශේෂ වාර්තාවක් කැඳවා තිබේ. අදාළ රැඳවියගේ බිළිඳිය පසුගිය දිනවල මව්කිරි පිට උගුරේ යාමෙන් මෙලෙස මියගොස් ඇති බව අනාවරණය වී ඇත.

මෙම අවාසනාවන්ත සිදුවීම සැලකිල්ලට ගනිමින්, අනාතයේදී මෙවැනි තත්ත්වයන් අවම කරගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කාන්තා කාර්යාංශය සහ පරිවාස සහ ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙතද නිසි උපදෙස් ලබා දී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.