මියගිය කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේුව වී ඇත්තේ මහාන්ත්‍රයේ ගැට ගැසීමක් සහ ඒ ආශ්‍රිතව හටගත් සෙප්ටික් කම්පනය හා බහු අවයව සංකූලතා බව අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මඟින් තහවුරු වී ඇති බව ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා විවෘත අධිකරණයේදී අද (18) ප්‍රකාශ කළේය.

ශරීරයට ඇතුළු වන විෂබීජ ආසාදනයක් උත්සන්න වීම හේතුවෙන් රුධිර පීඩනය අතිශයින් පහත වැටී ශරීරයේ අභ්‍යන්තර අවයව අක්‍රිය වීමට පටන් ගැනීම සෙප්ටික් කම්පනය ලෙස හැඳින්වේ.

කාවන්තිස්ස හස්තියා මිය යෑමේ සිද්ධියට අදාළ නඩුව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද දින යළි කැඳවනු ලැබීය. එහිදී මරණයට හේතුවූ වෛද්‍ය හා විද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු අනාවරණය වී ඇති අතර, සිද්ධියට අදාළ ඉදිරි නීතිමය කටයුතු අදාළ අංශ විසින් අඛණ්ඩව සිදු කරනු ලබයි.