රුවන්වැලි සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රාජාංගනයේ සද්ධාරතන නමැත්තා මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
රුවන්වැලිසෑ පුදබිම ආසන්නයේ දන්සැල් භූමියේ බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් පවත්වාගෙන ගිය මාරාන්තික උපවාසය අතරතුර, ඉකුත් 12 වැනිදා පිරිසක් සමඟ එම ස්ථානයට පැමිණ ගැටුමක් ඇති කරගැනීමේ සිද්ධියට අදාළව රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සිව්දෙනෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් අද (18) අත්අඩංගුවට ගනු ලැබීය. පොලිසිය විසින් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම රිමාන්ඩ් නියෝගය නිකුත් කර ඇත.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ඊයේ (17) අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත නියෝගයක්ද නිකුත් කර තිබිණි. ඒ අනුව පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කර තිබේ.
