බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් මස 23 වන මධ්‍යම රාත්‍රිය දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඔවුන්ගේ ඉලෙක්ට්‍රෝණික පද්ධතියේ සිදු කෙරෙන තාක්ෂණික යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම සේවාව අත්හිටුවන බවය.
ඒ අනුව, www.motortraffic.wp.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම්ද අදාළ කාලය තුළ ක්‍රියාත්මක නොවේ. කෙසේ වෙතත්, එම කාල සීමාව තුළ බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබූ සියලුම වාහන සඳහා කිසිදු දඩ මුදලක් අය කිරීමකින් තොරව නොවැම්බර් මස 25 වනදා සිට 27 වනදා දක්වා කාලය තුළ ආදායම් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සලසා දී ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


