නියෝජ්‍ය ඇමති – ජාතික ජන බල වේගය.
අපි පුළුවන් තරම් උත්සාහයක් දරනවා මිනිස්සුන්ට ලැබිය යුතු පොදු ප්‍රවාහනය ගුණාත්මක තත්වයෙන් වැඩි තත්වයකට ගේන්න. හැබැයි අපි මෙතන්ට ඇවිල්ලා ඒ ගුණාත්මක තත්වය ලබා දෙන අපේ රියදුරු මහත්තුරුන්ගේ, කොන්දොස්තරලාගේ ඒ වගේම මෙතන කාර්මික පුහුණුව කාර්මික දැනුම ලබා දෙන නිලධාරීන්ගේ තත්වය බැලුවොත් එහෙම ඇත්තටම ඒගොල්ලෝ ඉතාමත්ම අන්ත අසරණ තත්වයක ඉඳලා තමයි තමන්ගේ සේවාව දෙන්නේ. මෙතන ඉන්න රියදුරු මහත්මයෙක් කොන්දොස්තර මහත්මයෙක් නැග්ගොත් බස් එකට එයා බස් එක දකින්නේ දිව්‍යලෝකයක් විදිහට එත් ඇත්තටම මෙතන අපායක්. බොන වතුර ටැංකිය දැන් මට පෙන්නුවා ඒක සම්පූර්ණයෙන්ම ඇතුල ගලා බහිනවා. පස් බහිනවා. මීයෝ ඉන්නවා මීයොන්ගේ size එක හාවෝ වගේ. ඒ තරමට ඉතාමත්ම ජරා ජීර්ණ වෙච්ච තත්වෙක තමයි මේ මධ්‍යම බස් නැවතුම්පොළ තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා පොදු ප්‍රවාහන ක්ෂේත්රය නංවන පළවෙනි වැඩසටහන විදිහට මධ්‍යම බස් නැවතුම්පොළ අපි උඩ අතට ගේන්න ඕනේ. ඒ නිසා මගියන්ට සහනය ලැබෙන ගමන් මේ සේවාව සපයන පොදු ප්‍රවාහන ක්ෂේත්රයේ නිරත වෙලා ඉන්න C.T.B. එකේ රියදුරු මහත්තුරුන්ගේ, කොන්දොස්තරවරුන්ගේ, කාර්මික නිලධාරීන්ගේ, ඒ අදාළ සියලුම නිලධාරීන්ගේ ජීවන තත්වය මීට වඩා උසස් තත්වයට ගේන ගමන් පොදු ප්‍රවාහනය හොඳ තැනකට ගේන්න.
අයවැය එන්නේ පෙබරවාරි 17 වෙනිදා. එතකන් ඉන්න පුළුවන්කමක් නැහැ ඊට කලින් මේ යටිතල ටික ගොඩ දාගන්න ඔනේ. ඒ සඳහා වැදගත් අඩිතාලමක්, වැදගත් ක්‍රියාමාර්ග ටිකක් ගන්න ගමන් පොදු ප්‍රවාහනය සඳහා අයවැය හරහා අපිට සුවපහසුව යන්න පුළුවන් බස් රථ 1000 ක් විතර බස් බලඇණියට එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>