මෙරට තුළ ආන්දෝලනයට තුඩුදුන් ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිතයෙන් පසු මරණ දෙකක් වාර්තාවීම මෙන්ම, එම ඖෂධයට සම්බන්ධ සංකූලතා තක්සේරු කිරීම ද කමිටුව විසින් සිදු කරනු ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කර සිටියා.

මේ වන විට රට පුරා පුද්ගලයින් 200,000 කට ආසන්න සංඛ්‍යාවක් ඔන්ඩන්සෙට්‍රෝන් භාවිතා කර ඇති බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.