තමන්ගේ පාර්ශ්වයෙන් කිසිඳු අවස්ථාවක පොලිස් නිලධාරියාට පහරදීමක් සිදු නොකළ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්මකුමාර පවසනවා.
ඒ අනුව තමා විසින් අදාළ පුද්ගලයාට පහරදීමක් සිදු නොකළ අතර අදාළ පුද්ගලයා විසින් තමන්ට පහරදීමට උත්සාහ කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්රතිචාර දැක්වීම සඳහා අද (21) පැවති මාධ්ය හමුවකට එක්වෙමින් මන්ත්රීවරයා සඳහන් කර සිටියා.
මෙම සිදුවීම සිදු වන අවස්ථාවේ අදාළ පොලිස් නිලධාරියා බීමතින් සිට ඇති අතර මන්ත්රීවරයා මාර්ගයේදී හමුවී පොලිස් නිලධාරියා තමන්ට චෝදනා කරමින් පහරදීමට උත්සාහ කළ බව සහ අවට සිටි පිරිස විසින් එය වැළැක්වීමට කටයුතු කර ඇත.
තමා මේ සම්බන්ධයෙන් කොලොන්න පොලීසියට පැමිණිලි කිරීමටද කටයුතු කළ බව මන්ත්රීවරයා වැඩිදුරටත් ප්රකාශ කර සිටියා.





