මෙම දිනවලදී වායුවේ ගුණාත්මකභාවය පහළ යාමක් නිරීක්ෂණය වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඒ අනුව රටෙහි වායුවේ ගුණාත්මකභාවය පහළ යාමක් ඊයේ සහ අද දිනයේ නිරීක්ෂණය වූ අතර උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක මේ වන විට 150 ත් 200 ත් අතර අගයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කර සිටියා.

අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසම සක්‍රිය වීමත් සමඟම මේ තත්ත්වය ඇති වන බව සහ මෙම තත්ත්වය අද දිනයෙන් පසුව පහව යනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.