දේශපාලන පක්ෂ කුමක් පැවසුවද ඒ පසුපස අන්ධ ලෙස නොගොස්, ගැටලුව පිළිබඳ නිසි අවබෝධයක් ලබාගෙන කටයුතු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රියන්ත තිලකරත්න ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඔහු සඳහන් කරන ලද්දේ, විපක්ෂයක් ලෙස කටයුතු කිරීමේදී ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඔවුන් සමඟ සිටීම වැදගත් බවය.
පසුගිය (24) වනදා පැවති විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් තිලකරත්න මහතා කියා සිටියේ එය සංවිධානය කිරීම සඳහා විශාල මුදලක් වැය වන්නට ඇති බවය.
එම මුදල් ජනතාවට ප්‍රයෝජනවත් වන සංවර්ධන කටයුතු සඳහා යොදාගත්තේ නම් මීට වඩා ජනතා ප්‍රතිචාරයක් ලබාගත හැකිව තිබූ බවද ඔහු පැවසීය.
එමෙන්ම, ජනතාව සමඟ එක්ව ඔවුන්ගේ ඡන්දය ලබාගෙන රට පාලනය කිරීමට සූදානම් වන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටි තිලකරත්න මහතා, විරෝධතා මඟින් පාලන බලය ලබාගැනීමට නොහැකි බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





